ජලනල ගිනි තැබීමේ සිද්ධියට සැකපිට සිසුන් 06ක් අත්අඩංගුව

  • By editor
  • May 28, 2023
  • 0
  • 111 Views

කෑගල්ල, අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ගෙනවිත් තිබු ජලනල තොගයක් ගිනිගැනීමේ සිද්ධියට අදාලව පාසල් සිසුන් 6දෙනෙක් අරණායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ජල යෝජනා ක්‍රමය පසුගිය ඉරිදා පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කළ අතර ඊට දින දෙකකට පෙර මෙම ජලනල තොගය ගිනිගැනීමට ලක්ව තිබුණි.

පොලිස් විමර්ෂණයකින් අනතුරුව ජලනල තොගය ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 06 දෙනෙකුගෙන් අරණායක පොලීසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබුණි.

එම පාසල් සිසුන් 06දෙනා ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අතර ඔවුන් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් බව සඳහන්ය.

සිදුකරන විමර්ශනවලින් අනතුරුව අදාළ සිද්ධියට එම සිසුන් සම්බන්ධ වී ඇති බව අනාවරණය වීම හේතුවෙන් ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *