ජවිපෙට වැටෙන්න ගහන්න දිලිත් ජයවීරගේ සැළැස්මක්

  • By editor
  • February 6, 2024
  • 0
  • 115 Views

ව්‍යාපාරික දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් යුත් මව්බිම ජනතා පෙරමුණේ ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ලබන 17 වැනිදා පැවැත්වීමට සැලුසම් කර ඇත.

එම පක්ෂයේ දිස්ත්‍රීක් සමුළු මේ දිනවල පවත්වා ඇති අතර එම සමුළුවලදී ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගනිමින් විවේචන එල්ල කළ අයුරු දක්නට ලැබුණි.

පක්ෂයේ නායක දිලිත් ජයවීර විවාදයකට පැමිණෙන ලෙසට ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට අභියෝග කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු දිලිත් ජයවීර සිදුකළේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් කැදවා රැස්වීමක් පැවැත්වීමයි. ඒ අනුව ඔවුන්ද ජාතික මහා සම්මේලනයට එක්ව ජනාතා විමුක්ති පෙරමුණ විවේචනය කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *