ජාත්‍යන්තර හෙද දිනයේ ලබාදුන් ආහාර නරක් වෙලා – උත්සවයට සෞඛ්‍ය ඇමතිත් ඇමතිත් ඇවිත්

  • By editor
  • May 18, 2023
  • 0
  • 101 Views

ජත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ පැවති ජාතික උත්සවයේදී පැමිණ සිටි පිරිසට ලබා දුන් කෙටි ආහාර නරක් වී තිබීම සම්බන්ධයෙන් උත්සවයට සහභාගි වූ පිරිස් සංවිධායකයන්ට දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

ජනතා සෞඛ්‍යයේ වටිනාකම දන්නා පිරිසක් සංවිධානය කළ උත්සවයකදී සෞඛ්‍ය ගැටලු ඇතිවීමට තුඩුදෙන ආහාර ලබා දීම සුළුවෙන් තැකිය හැකි වරදක් නොවන බව ද එම පිරිස සංවිධායකයන්ට පෙන්වා දී ඇත.

මහනුවර ප්‍රසිද්ධ හෝටලයකින් ලබාගෙන තිබූ මෙම කෙටි ආහාර කෑමට ගැනීමට නොහැකි බව පවසා පැමිණ සිටි පිරිස ඒවා කුණු කූඩයට දමා පිටව එද්දී සංවිධායක හෙද මහත්වරුන් පිරිසක් වැඩේ ගොඩින් බේරා ගැනීමටද දැඩි උත්සහයක් දරා තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද සේවා සම්බන්ධ අධ්‍යක්ෂ එම්.බී.සී. සමන්මලී, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, රෝහල් අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ දෙදහසක් පමණ පිරිසක් මෙම උත්සවයට සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *