ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොමිසම අද රැස්වීමට නියමිතව තිබේ.
එහිදී තමන්ට ලබා දී ඇති ස්ථාන මාරුව අසාධාරණ බවට සදහන් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතව ඇත.
පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු සඳහන් කළේ , අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අද දිනයේ පොලිස් කොමිෂන් සභාවේ දී සලකා බලා ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට කටයුතු කරන බවය.
තවද , පවතින පොලිස් කොමිෂන් සභාව රැස්වන අවසන් දිනය අද බව ද සඳහන් වේ.