ජාතික රෝහලේ ශල්‍යකර්මයකදී උපකරණයක කොටසක් රෝගියාගේ ශරීරයේ සිරවෙලා

  • By editor
  • September 5, 2023
  • 0
  • 94 Views

ශල්‍යකර්මයට ලක් කිරීමෙන් පසුව එම රෝගියාගේ ශරීරය තුළ උපාංගයක කොටසක් සිර වී තිබීම හේතුවෙන් නැවත එම රෝගියා හදිසි ශල්‍යකර්මයකට ලක්කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ දී මෙම ශල්‍යකර්මයට අදාළ රෝගියා මුහුණ දී තිබේ.

එම රෝගියාගේ ශරීරයේ රුධිර පීඩනය පාලනය කිරීමට සවිකර තිබූ උපාංග කොටසක් වෙන් වී ශරීරය තුල සිරවී තිබේ.

අදාල උපාංගයේ ප‍්‍රමිතිය ප්‍රශ්නයක් හේතුවෙන් මෙවැනි දෙයක් සිදු වූවේද යන්න පිළිබඳව පරීක්ෂණයක් කරන්නැයි රෝහලේ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *