ජාතික රෝහලේ ශල්‍යකර්ම අඩාලයි

  • By editor
  • July 22, 2023
  • 0
  • 130 Views

ඊයේ (21) දිනය තුළ ජාතික රෝහලේ සූදානම් කර තිබූ ශල්‍යකර්ම විශාල සංඛ්‍යාවක් නිර්වින්දන ඖෂධ ඉවත් කිරීම හේතුවෙන් කල්දමා ඇති බව සමස්ත ලංකා හෙද සංගමය සදහන් කර තිබේ.

ප්‍රොපොෆෝල් නැමැති නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය හදිසියේ තීරණය කිරීම මීට හේතුව බව එහි ප්‍රධාන ලේකම් එස්.බී මැදිවත්ත සදහන් කර ඇත.

කෙසේ වුවද ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ, වෙනත් නිර්වින්දන ඖෂධ භාවිත කරමින් ශල්‍යකර්ම සිදුකිරීමට පියවර ගෙන ඇති බවයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී මැදිවත්ත මහතා සදහන් කළේ

”අද තොරතුරු ලැබිලා තියනවා ශ්‍රී ලංකා ජාතික රෝහලේ අද දිනයේ ශල්‍යකර්මවලට සූදානම් කරගෙන හිටපු රෝගීන් විශාල ප්‍රමාණයකගේ ශල්‍යකර්ම මේ වන විට ප්‍රමාද වෙලා තියනවා. ප්‍රොපොෆෝල් නමැති නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවත් කරන්න වෛද්‍ය සැපයීම් අංශය හදිසියේ ගත්ත තීරණයක් නිසා. ඒ නිසා ඒ ශල්‍යකර්මයට අවශ්‍ය, සිහිනැති කිරීම සඳහා අවශ්‍ය වෙනත් ඖෂධයක් සොයාගන්නා තෙක් ශල්‍යකර්ම මේ වන විට ප්‍රමාද වෙලා තියනවා. ඉතිං මේක හදිසියේ ඇති වුණ තත්ත්වයක්. අනිත් එක මේ ඖෂධය නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුව ගෙන්නපු ඖෂධයක්. එතකොට ඒක හදිසියේ ඉවත් කරන්න හේතුවක් නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *