කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින ප‍්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට රෝහල් බලධාරීන් සූදානම් වන බව වාර්තා වේ.
මේ වනවිට ඔහු දින 500ක ට වඩා අධික කාලයක් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
කෙසෙවෙතත් තව දුරටත් ඔහු දැඩි සත්කාර ඒකකයේ රඳවා තබන්නේද, ඔහුගේ පුද්ගලික රෝහලකට නිවසට ගෙන ගොස් ප්‍රතිකාර ලබා දිමට නිර්දේශ කරන්නේද යන්න පිලිබදව තීරණය කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ඒ සදහා ජැක්සන් ඇන්තනීට ප්‍රතිකාර ලබා දෙන විශේෂඥ වෛද්‍යවරුන් සහ ඔහුගේ පවුලේ නියෝජිතයන්ද එම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතය.