ජැක්සන් මියගිය හේතුව රංජන් හෙළිකරයි

  • By editor
  • October 12, 2023
  • 0
  • 184 Views

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මරණයට පත්වූයේ ස්ව ශක්තියෙන් හුස්ම ගැනීම පරීක්ෂා කිරීම සඳහා ඔහුට සවිකර තිබූ ශ්වසන ආධාරක යන්ත්‍ර ඉවත් කිරීම නිසා බවත් ඔහු සුව වීමට සිටි පුද්ගලයෙක් බවත් ජනප්‍රිය රංජන් රාමනායක සඳහන් කර තිබේ.

ජැක්සන් ඇන්තනි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යය අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

තමන් ජැක්සන් ඇන්තනී මහතා ජීවත්ව සිටියදී ගුණ කථනක කළ බැවින් තමන් ඒ පිළිබඳ සතුටු වන බවත් හෙතෙම සදහන් කළේය.

එමෙන්ම තමන්ට කලින් වීසා එක ජැක්සන් ඇන්තනි මහතාට ලැබී ඇති බවත් තමන්ගේ වීසා එක මග එන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *