ජිනීවාහි ලෝක ආර්ථික සමුළුවට සහය වෙන්න ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 10 දෙනෙකුට ලක්ෂ 280ක් ඉල්ලලා

  • By editor
  • January 5, 2024
  • 0
  • 91 Views

ස්විට්සර්ලන්තයේ එළැඹෙන  15 දා සිට 19දා පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට ජිනීවා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිට සම්බන්ධ වන 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම සඳහා රුපියල් ලක්ෂ 280 කට ආසන්න මුදලකට අනුමැතිය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ජිනීවා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලා තිබේ. 

එම සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් සහභාගී වීමට නියමිත අතර ඒ සදහා සහය වීමට අදාළ නිලධාරීන් 10 දෙනා නම් කර ඇත.

ඒ අනුව ඔවුන්ට දහ දෙනාගේ නවාතැන් පහසුකම්, වාහන වියදම්, ඉන්දන, ලිපි ද්‍රව්‍ය, ආහාර හා අනෙකුත් වියදම් මීට ඇතුළත් වෙයි.

සමුළුව පැවැත්වෙන කාලසීමාවේ පවතින හිම සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඒ සඳහා ෆෝ වීල් වාහනයක් අවශ්‍ය බවත් දැනට තානාපති කාර්යාලය භාවිතා කරන වාහනය ඒ සඳහා යෝග්‍ය නොවන බවත් තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කළ ලිපියේ දැක්වේ 

ජිනීවා නුවර සිට ඩාවෝස් නුවර දක්වා කිලෝමීටර දෙසීයක තරම් දුරක් පවතින අවස්ථාවක මේ සහ විශාල වියදමක් දැරීමට අවසර ඉල්ලා තිබේ. එසේම වියදම් සීමා කරන ලෙස රජය විසින් තානාපති කාර්යාලය වෙත දන්වා ඇති අවස්ථාවක මෙම වියදම් සඳහා අනුමැතිය ඉල්ලා සිටීමට කැපී පෙනෙන කරුණකි 

කාර්යාලයේ සිට එක්වන කාන්තාවන් පස්දෙනා හා පිරිමින් පස්දෙනා (රියදුරන් තිදෙනෙකු සමග ) දැරීමට නියමිත වියදම් අතර නවාතැන් පහසුකම් ලෙස රුපියල් මිලියන 16.7ක්, වාහන ඇතුළු ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 1.8ක්, ලිපි රව්වේ වෙනුවෙන් රු 182500ක් ආහාර වෙනුවෙන් රුපියල් මිලියන 3.05ක් හා අනෙකුත් වියදම් ලෙස රුපියල් 730000ක් යන වියදම් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *