ජීවන් තොන්ඩමන් නිතිය නවන්න හදයි

  • By editor
  • June 25, 2023
  • 0
  • 84 Views

ජල සම්පාදන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් (24) දින පස්වරුවේ බගවන්තලාව නගරයට ගොස් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස් නිලධාරින්ට බැන තර්ජනය කර ඇත.

ඊට හේතුව වී ඇත්තේ බගවන්තලාව පොලිසිය විසින් සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිම ය.

බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක කලමණාකාරවරයා සහ ගණුදෙණුකරුවෙකු අතර ඇති වුවේ යැයි කියන බහින් බස් විමක් හමුවේ (22) දින කලමණාකාරවරයා විසින් බගවන්තලාව පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත අදාල සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත් ජීවන් තොන්ඩමන්ගේ පියා වන ආරුමුගන් තොන්ඩමන් ද එවකට පොලිස් රාජකාරි සදහා අනවශ්‍ය බලපෑම් කිරීම් සම්බන්ධයෙන් පුවත් නිර්මාණය කළ දේශපාලකයෙකි. ඒ ආකාරයෙන්ම ජීවන් තොන්ඩමන් ද කටයුතු කරමින් සිටින බවට දක්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *