ජී.එල් – නාලක ගොඩහේවා ඩලස් පිල අතරමං කරයි!!

  • By editor
  • December 14, 2023
  • 0
  • 82 Views

ජනවාරි මාසයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමට නියමිත අතර එහි අගමැති අපේක්ෂකත්වය ජී.එල්. පිරිස් මහතාට ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

සමගි ජන බලවේගය කර ඇති යෝජනාවකට අනුව ජි.එල්. පීරිස් හා නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් ඊට එකඟ වී ඇත.

ඒ සමග ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් නිදහස ජනතා සභාවෙන් ඉවත් වනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ඒ අනුව නිදහස ජනතා සභාව පක්ෂයේ අයිතිය ඇති නාලක ගොඩහේවා මහතා විසින් නිදහස ජනතා සභාව ඉදිරියේදී විසුරුවා හැරීමට හෝ සමගි ජනබලවේගයේ සන්ධානයට එක්වීමට කටයුතු කරනු ඇතැයිද සදහන්ය.

කෙසෙවෙතත් ඩලස් අලහප්පෙරුම, චරිත හේරත් ඇතුළු පිරිස ඉදිරියේදී වෙනත් දේශපාලන ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *