ජී.එල් පීරිස් පොහොට්ටුවට යළි නෑකම් කියන්න යයි

  • By editor
  • May 27, 2023
  • 0
  • 71 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් තමන් ඉවත් කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලමින් මහාචාර්ය ජී එල් පීරිස් විසින් කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක ඇතුළු පක්ෂයේ සියලු නිලධාරීන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

එම පක්ෂයේ සභාපතිවරයා තවමත් තමන් බවත් පවසන පිරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව බවද කියා සිටී.

තමනට සභාපති ධුරයේ කටයුතු කිරීමට බාධා කිරීමෙන් වෙනත් අය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු තවදුරටත් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *