ජෙරම් අල්ලන්න පොලිසිය සීරුවෙන්

  • By editor
  • May 17, 2023
  • 0
  • 108 Views

ආගම් වලට අපහාස කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණ පවත්වාගෙන යන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කරයි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී දේවගැතිවරයාට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති නිසා මෙසේ අත්අඩංගුවට ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

ඔහුට එරෙහිව රහස් පොලිසියට මේ වනවිට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය.

විදෙස් ගමන් තහනමක් ඔහුට එරෙහිව ලබාගෙන ඇතත් ඔහු විදේශගත වී ඇති බවද හෙතෙම සදහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *