ආගමික නායකයන්ට අපහාස කරමින් ප‍්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරන ලද ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සම්බන්ධයෙන් මූලික විමර්ශන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් ආරම්භ කර තිබේ.
මෙම පුද්ගලයා විසින් පතුරුවමින් ඇති ආගමික නිකායේ අනුගාමිකයන් ගැනද පොලිසියේ අවධානය යොමුව ඇත.
දේවගැතිවරයා පසුපස මෙරට නම ගිය ක්‍රිකට් ක‍්‍රීඩකයන් මෙන්ම ආරක්ෂක අංශවල සාමාජිකයන් ඇතුළු ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ද සිටින බවද පසුගිය කාලයේ වාර්තා වී තිබේ.
මේ වන විට සිංගප්පුරුව බලා ගොස් සිටින ඔහු ඉරිදා දිනයේ ආපසු මෙරටට පැමිණෙන බව තම සමාජ ජාල ගිණුම් ඔස්සේ දන්වා තිබේ.