ජෙරෙම් ප්‍රනාන්දු රන්මාවතෙන් එළියට 

  • By editor
  • November 29, 2023
  • 0
  • 91 Views

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ ගුවන්තොටුපළේ මුදල් ගෙවා පහසුකම් ලබන ‘රන් මාවත’ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් ඔහු ගුවන්තොටුපලින් පිටව ගොස් තිබෙන බව වාර්තා වේ.

කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද අළුයම 1.30 ට පමණ ඔහු කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබේ.

ආගමික නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත ඉදිරි පැය 48 කාලය ඇතුළත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *