ජොනීගේ අරක්කු නිසා සුරාබදු මූලස්ථානය ගිනි ගනී

  • By editor
  • December 4, 2023
  • 0
  • 141 Views

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් වයඹ ඩිසටලරීස් මත්පැන් සමාගම මේ වනවිට බදු මුදල් ලෙස මිලියන 580ක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා හෙළිකළේය.

එම සංවිධානයේ නිලධාරීන් සුරාබදු කොමසාරිස් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංජය මහවත්ත මහතා මෙම අදහස් පළ කළේය.

මේ වනවිට ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් රෝයල් සිලෝන් ලෙස වෙනත් නමකින් මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බව ද පැවසූ හෙතෙම සදහන් කළේ මේ ආකාරයෙන් විශාල ලෙස බදු මුදල් පැහැර හරින සමාගම් වලින් හැකි ඉක්මනින් බදු මුදල් අයකර ගත යුතු බවය.

එසේම විශාල සමාගම් මගින් බදු මුදල් අයකර ගනිමින් ජනතාවට සහන දියයුතු බව ද හෙතෙම සදහන් කළේය.

මේ වනවිට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මත්පැන් සමාගම් සම්බන්ධ අධිකරණයේ විභාග වන නඩුවට පාර්ශවයක් ලෙස හෝ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව නොමැතිව බියෙන් මගහරින බව ද සංජය මහවත්ත මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *