ඥාණක්කාට අභියෝග කළ මර්වින්ගේ උපන්දිනය අදයි

  • By editor
  • March 25, 2023
  • 0
  • 159 Views

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී අනුරාධපුරයේ සිටි ඥානක්කා නැමැති ජ්‍යොතිශ්‍යෙව්දිනියට හිටපු ඇමති මර්වින් සිල්වා බැණ වැදී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඥාණක්කා හමුවීමට ගිය මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ඇයට කුණුහරුපයෙන් බැණ අභියෝග කර ඇත්තේ ‘‘මම දකුණේ මනුස්සයෙක්“ යැයි කියමිනි.

ඥාණක්කාට අභියෝග කළ මර්වින් සිල්වා හිටපු ඇමැතිවරයාගේ උපන්දිනය අදට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් උදෑසන කැළණිය රජමහා විහාරයේදී ආගමික වැඩසටහනක්ද පැවැත්විණි. උපන්දිනය වෙනුවෙන් හිටපු අමාත්‍යවරයාගේ මිතුරන් පිරිසක් ඊයේ රාත්‍රියේ පැවැත්වූ ප්‍රිය සම්භාෂණය රස ගගුලක් විය. එහිදී හිටපු අමාත්‍යවරයා පැරණි රස කතා රැසක් හෙලි කළ අතර ඉදිරි දේශපාලන වැඩපිළිවෙල පිළිබදවද අනාවරණයක් කළේය.

හිටපු කතානායකවරයෙක් වන අභවප්‍රාප්ත අනුර බණ්ඩාරනායක දිනක් හිටපු ඇමැති මර්වින් සිල්වා සායි බාබා හමුවීමට යවා ඇත. ඒ සෝම සාමි නම් පුද්ගලයෙක් සමගයි. සායි බාබා මෙම කණ්ඩාම හමුවීමට මදක් ප්‍රමාද කළ අවස්ථාවේදී තරහ ගිය හිටපු අමාත්‍යවරයාට මූ මොන බල්ලෙක්ද මම දකුණේ මනුස්සයෙක්. මූට කරන්න පුලුවන් දෙයක් නෑ යනුවෙන් සායි බාබා ආශ්‍රමය ඉදිරියේම බැණ වැදී යළි පිටව ආ බවද ඔහු මෙහිදී අනාවරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *