ටයිටැනික් නැවේ සුන්බුන් නිරීක්ෂණය කිරීමට ගොස් විනාශ වුණු ‘ටයිටන්’ සබ්මැරීනයේ කොටස් මෙන්ම එහි ගමන් කළ පස් දෙනාගේ ශේෂයන් ද හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමෙරිකා සහ කැනඩා වෙරළාරක්ෂකයන්ගේ මැදිහත් වීමෙන් සබ්මැරීනයේ සුන්බුන් සහ එම අස්ථි කොටස් ගොඩනැනීම සිදුකර ඇති අතර ඒවා කැනඩාවේ නිව්ෆවුන්ඞ්ලන්ඞ් පළාතේ, ශාන්ත ජෝන්ස් වෙරළාශිත නගරයට රැගෙන ගිය බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත.