ටික් ටොක් ලයික් ගන්න මත්පැන් දන්සල දුන් අය අධිකරණයට

  • By editor
  • June 15, 2023
  • 0
  • 214 Views

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් මත්පැන් දන්සලක් ලබාදුන් බව කියන සැකකරුවන් හය දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී එක් සැකකරුවෙකු රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසටයි අධිකරණය නියෝග නිකුත් කළේය.

සැකකරුවන් කටුනායක පදිංචි වයස 20ත් 25ත් අතර පසුවන තරුණයන් වේ.

ඔවුන්ගේ ඥාතියෙකු විසින් රැගෙන පැමිණි විදෙස් මත්පැන් බෝතල්වලට තේ වතුර දමා ටික්ටොක් ඔස්සේ ප්‍රචාරය කිරීමට වීඩියෝවක් සැකසීම සඳහා අදාළ ක්‍රියාව සිදුකළ බව සැකකරුවන් සදහන් කර තිබුණි.

කෙසේ වෙතත් දුම්කොළ සහ මධ්‍යසාර පනත යටතේ මත්පැන් ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *