ටිරාන් අලස්ගේ පුතාගෙන් අල්ලස් ඉල්ලූ නිලධාරීන් ගැන පරීක්ෂණයක් 

  • By editor
  • December 6, 2023
  • 0
  • 84 Views

රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුත්‍රයාගෙන් අල්ලස් ඉල්ලා තිබීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පදනම් කරගෙන විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය සෙනසුරාදා ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා මහනුවර බලා පිටත්ව ගොස් තිබූ අතර ගලගෙදර ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් ඉස්සර කරන්නට ගොස් ඔහු අතින් මාර්ග නීති කඩ වී ඇත.

ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා වරද පිලිගෙන ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනාද  රියදුරු බලපත්‍රය ලබාගෙන දඩ කොලයක් ලබා දීමට කටයුතු කර තිබේ.

අනතුරුව දඩ කොලය ලියමින් සිටි පොලිස් නිලධාරියා “දඩ ගෙවන්න මහන්සි වෙන්න ඕන නෑ අපිට උදව්වක් කරලා යන්න පුළුවන්”  යැයි පවසා ඇත.මෙහිදී ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා පවසා ඇත්තේ තමා වරදක් කර ඇති හෙයින් දඩ කොලය ලබාදෙන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *