ටෙලිකොම් විකුණන්න තීන්දුකරයි – රවී කරුණානායක සහ අලිරාජා සමග රනිල් හමුවෙයි. 

  • By editor
  • December 25, 2023
  • 0
  • 112 Views

මේ වනවිටත් ලාභ ලබමින් පවත්වාගෙන යන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ජාත්‍යන්තරයේ අසාදු ලේඛණගත කූප්‍රකට ව්‍යාපාරිකයෙක්හට විකුණා දැමිම සඳහා විශේෂ සකාච්චාවක් පසුගියදා කොළඹ නගරය තුළ පිහිටි තරුපන්තියේ හෝටලයක පැවැතිබව මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ප්‍රකාශ කරයි.

අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් අදහස් දැක්වූ ඔහු පැවසූවේ මෙවර මෙම ගණුදෙනුවර මුල්වී සිටිනුයේ හිටපු අමාත්‍යවරයෙක් වූ රවී කරුණානායක බවය. ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහද සම්බන්ධ කරගෙන මෙම ගණුදෙනුව පිළිබඳ සාකච්චා පවත්වන බවත්, නිළියක්වන ජානකී විජේරත්න ද මෙම ගණුදෙනුව පිටුපස සිටිනාබව ඔහු අවධාරණය කළේය . 

ලාබ ලබමින් පවත්වාගෙන යන ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම ලංකා හොස්පිට්ල් ආයතනයද විකුණා දැමීමට රජය සූදානමින් පසුවන බවත්, ලාබලබනා රාජ්‍ය ව්‍යවසාය විකුනා දැමීම තම සංවිධානය තරයේ හෙළා දකිනා බවත් ඔහු පැවසීය. ශ්‍රි ලංකාවර තීරණාත්මක වටිනාකමක් සහිත ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මිලදී ගැනීමට සාකච්චා කරාමින් සිටින්නේ කූප්‍රකට ව්‍යාපාරිකයෙක් වන සුබාෂ්කරන් අලිරාජා බවත්, ඔහු සහ ඔහු සතු ලයිකා මොබයිල් සමාගම කළු සල්ලි සුදුකරනා මූල්‍ය අපරාධ කරුවන් බවත් පැව්සූ සංජය මහවත්ත රාජ්‍ය ආරක්ෂාව සඳහා තීරණාත්මක බලපැමක් කරනා ටෙලිකොම් වැනි සමාගමක් මෙවැනි කූ ප්‍රකට සමාගමකට විකුණාදැමීම රටේ ආරාක්ෂාව බරපතල ලෙස බිඳ දැමීමට හේතුවෙන බවත් ඔහු සඳහන් කළේය.

ලයිකා මොබයිල් සමාගම එල්.ටී.ටිි. ඊ සංවිධානයට මූලය උපකා‍ර කරමින් බෙදුම් වාදය පෝෂණය කළ බවත්, එවන් සමාගමකට ජාතික ආරක්ෂාවේ මර්මස්ථානයවන ටෙලිකොම් සමාගම් විකිණීම මගින් රට බරපතල අස්ථාවර තත්ත්වයකට පත්වෙන බවත් ඔහු සඳහන් කළේය. ඉතා රහසිගත ආකාරයෙන් පැවැත්වෙන මේ සාකච්චාවේදි ලයිකා මොබයිල් අනුබද්ධ සමාගමක් වන HAIMS    International LTD UK  (through  KPMG) ලංකා හොස්පිට්ල් ආයතනය මිලට ගැනීමට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇතිබවත්, සුබාෂ්කරන් අලිරාජා සහ රවී කරුණානායක පසුගිය 19 හෝ ඊට ආසන්න දිනයක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්චා පවත්වා ඇතිබවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ දත්ත ගබඩාවෙන් 75% කට වඩා ශ්‍රි ලංකා ටෙලිකොම් සතුබවත්, එවන් සමාගමක රජය සතු 51% කොටස් එල්.ටි.ටී.ඊ සංවිධානය සමග සහයෝගයෙන් වැඩකටයුතු කළ ලයිකා මොබයිල් වැනි සමාගමකට විකිණිම බරපතල අපරාධයක් බවත් මගෙන් රටට සංවිඩ්ධනයේ සභාපති සංජීව මහවත්ත පැවසීය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *