ඩයනා අල්ලන්න නියෝග අවශ්‍ය නෑ, CID එකට බලතල තිබෙනවා – කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත්

  • By editor
  • April 24, 2023
  • 0
  • 88 Views

ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන අමාත්‍ය ඩයනා ගමගේට විරුද්ධව ඇති නඩුවට අදාළව ඇය අත්අඩංගුවට ගැනීමේ බලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බැවින් එය සම්බන්ධයෙන් නියෝග නිකුත් නොකරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (24) දැනුම් දුන්නේ ය

ඒ බව සදහන් කළ මහේස්ත්‍රාත්වරයා එම නඩුව බහා තැබීය.

මෙම තැනැත්තිය සිදුකර ඇත්තේ සංඥය වරදක් බවට සිදුකළ විමර්ශනවලින් තහවුරු වී ඇති බැවින් ඇය මෙම නඩුවේ සැකකාරියක් බවට පත් කරන ලෙසට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෙම සිද්ධියට අදාළව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මේ සම්බන්ධයෙන් අධිකරනයෙන් විශේෂ නියෝගයක් නිකුත් නොකළ යුතු අතර ඒ සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලයක් ඇති බව මෙම සිද්ධියට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *