ඩයනා නැවත උසාවියට 

  • By editor
  • November 30, 2023
  • 0
  • 88 Views

රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉවත් දැමීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යළි පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව අසාධාරණ සහ වැරදිසහගත බව මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඩයනා ගමගේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බව ප්‍රකාශයට පත් කරන මෙන් ඉල්ලා සිවිල් ක්‍රියාකාරී ඕෂල හේරත්ගේ නීතීඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පැමිනිල්ල ඉදිරිපත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් නඩු විභාගය ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන ජනවාරි 08 වෙනි දින විභාගයට ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *