ඩලස් ජනපති සටනට

  • By editor
  • July 18, 2023
  • 0
  • 125 Views

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඉදිරි ජනාධිපතිවරණයේදී නිදහස ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට එම සභාව තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ පිළිබඳ ඉදිරියේදී විපක්ෂයේ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් සිටින බවත් ඊට සහය දීමට සූදානම් ඕනෑ ම කෙනෙකු සමග සන්ධානගත වීමට නිදහස ජනතා සභාව සූදානම් බවත් වාර්තා වේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා සදහන් කළේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙරට ජනාධිපති ධූරය හෝ අගමැති ධූරය දැරීමට ඉතා සුදුසු අදූෂිත පුද්ගලයෙකු බව ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *