කිසිදු ජනතා බලයක් නොමැති පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දෙදෙනෙක් මේ වනවිට රට අරාජිකත්වය කරා ගෙනයන බවත් ඉන් එක් අයෙක් ටයිකෝට් දමන මුත් අනෙකා රෙද්ද බැනියම අඳින බවත් නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේය. එමෙන්ම එක් අයෙක් කොන්ඩය ඩයි කරන අතර අනෙකාගේ කොන්ඩය සුදු පැහැති බව ද කෙනෙක් නෙළුම් පොකුණට පැන හොරෙන් මල් විකුණමින් සිටින බවත් අනෙකා පොකුණ විනාශකරමින් නෙළුම් අල කාදමන පණුවෙකු වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනතාවගේ අයිතිය උකසට තබමින් හා විකුණමින් ජනාතාව වහලුන් බවට පත්කර ඇති බවත් එම වහල් බවින් ජනතාව මුදවා ගනිමින් යටත්වැසියන් වී ඇති ජනතාව පුරවැසියන් බවට පත් කළයුතු බවත් අලහප්පෙරුම මහතා පැවසීය.
එමෙන්ම මේ වනවිට ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරටේ ජනතාව අතරින් මසකට පුද්ගලයන් 50ත් 60ත් අතර එනම් පැය පැය දාහතරකට එක් අයෙක් ඝාතනය කරන අතර දිනකට පුද්ගලයන් 09ක්, එනම් පැය තුනකට කෙනෙක් පමණ පීඩනය දරාගත නොහැකිව සියදිවි නසාගන්නා බවත් සදහන් කළේය. මේ සියල්ලටම වඩා බරපතළ කාරණය වන්නේ දිනකට 300 බැගින් බුද්ධිමත් තරුණ තරුණියන් රටහැර යාම බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මේ සියල්ලටම එකම විසදුම වන්නේ ප්‍රජාතාන්ත්‍රික බලවේග සියල්ලම එකට එක්ව මෙම ඒකාධිපති පාලනය බිදහෙළීමට කටයුතු කිරීම බව ද ඔහු සදහන් කළේය. එහිදී තමන්ගේ පෞද්ගලික වාසී බලාපොරොත්තු නොවී සියලු දෙනාම කටයුතු කළයුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
මේ වනවිට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ග්‍රහයින් නීච වී ඇති බවත් එවැනි පසුබිමක මෙවැනි ජනහමුවක් පැවැත්වීමට ලැබීම ගැන තමන් සතුටු වන බව ද මන්ත්‍රීවරයා සදහන් කළේය.
ඉන්දියාගේ අග්‍රාමාත්‍ය මෝදිගේ බලය බිද දැමීමට මේ වනවිට එරට විපක්ෂයේ සියලු දෙනාම එක්ව කටයුතු කිරීමට සැලසුම් සකස් කර ඇති බව පෙන්වා දුන් ඩලස් අලහප්පෙරුම මහතා එහිදී කිසිවෙක් පෞද්ගලික වාසි තකා කටයුතු නොකරන ආකාරය ද පෙන්වා දුන්නේය.
කෙසෙවෙතත් අශිෂ්ට පාලකයින්ගේ කාලය අවසන් කිරීමට, හොරු නොමැති රටක් සැදීමට කටයුතු කිරීමේ කාලය එළැඹ ඇති බව ද ඔහු පැවසීය.
අද මාතර කැකණදුර සභා ශාලාවේ දී නිදහස් ජනතා සභාව විසින් පැවති ජනහමුව අමතමින් මෙම අදහස් පළකළේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, ආචාර්ය නාළක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන් ද එක්ව සිටියහ.
ඩලස් මේ කියන්නේ කවුරු ගැන ද
-
By editor
- September 11, 2023
- 0
- 134 Views
You Might Also Like
-
December 5, 2023
වහාම ඇතුළේ ප්‍රශ්න විසදගන්න – රනිල්ගෙන් ගෝලයන්ට උපදෙස්
-
December 5, 2023
R. සම්බන්ධන්ගෙ පුටුවට දෙදෙනෙක් පොරකයි
-
December 4, 2023
අර්ජුන එළියට – ශවේන්ද්‍ර සිල්වා ඇතුළට – ක්‍රීඩා ඇමතිගේ අලුත් පත්වීම් මෙන්න