ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් විනය කඩ කර ඇති බවත් ඉන් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විපක්ෂයටද එක්ව සිටින බවත් එහි මහ ලේකම් සාගර කාරියවසම් සදහන් කරයි.
ඒ අනුව එම පක්‍ෂ මන්ත්‍රීන් විසි පස් දෙනකුට පමණ එවැනි විනය ක්‍රියාමාර්ග ගැනීමට සලකා බලමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් එම පක්ෂයෙන් නෙරපා හැරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කිරීමත් සමග මෙම තීරණය ගැනෙන බව ද වාර්තා වේ.
ඒ අනුව ඩිලාන් පෙරේරා, ඩලස් අලහප්පෙරුම, අනුර යාපා ඇතුළු පක්ෂයේ තීන්දුවට පටහැනිව ක්‍රියාකල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සලකා බලන බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.
නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වෙමින් එක් වූ වෙනත් උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර වැනි මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ පක්ෂවල මන්ත්‍රීවරුන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වනු ඇති බවද හෙතෙම පැවසීය.