ඩී.එස් එකේ ප්‍රින්සිපල් ලක්ෂ 15 ක අල්ලසක් ඉල්ලලා

  • By editor
  • August 2, 2023
  • 0
  • 278 Views

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට තම දරුවා ඇතුළත් කරගැනීම සදහා රුපියල් දස ලක්ෂයක මුදලක් විදුහල්පතිවරයා විසින් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දරුවාගේ පියා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිල්ලක් කර ඇත.

දරුවා ඇතුළත් කරගැනීම සදහා ඉල්ලා ඇති සම්පූර්ණ මුදල රුපියල් ලක්ෂ පහලොවකි. අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් පියා විසින් ලබාදී ඇතත් කිසිදු රිසිට්පතක් විදුහල්පතිවරයා විසින් නිකුත් කර නොමැති බවද අධ්‍යාපන අමාත්‍යාංශයට සිදු කළ පැමිණිල්ලේ සදහන් වේ.

මීට පෙර මෙම විදුහල්පතිවරයා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේදී සේවය කළ අතර එහිදීද අල්ලස් චෝදනාවන්ට ලක්වූ බව වාර්තා වෙයි.

එක් අවස්ථාවකදී වැඩ තහනමට ලක්වන ඔහු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත යළි පාසලක් ලැබුණත් අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් ආරම්භ කළ විමර්ශන මෙතෙක් අවසන්වී නොමැත. පරීක්ෂණ අවසන් වන තුරු බස්නාහිර පළාතේ කළාප කාර්යාලයකට අනුයුක්ත කළත්, දේශපාලන හිතවත්කම් මත ඔහු විදුහල්පතිධූරයට යළි පැමිණි බවද වර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *