ඩෙංගු ජීවිත 33ක් නැති කරලා – සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

  • By editor
  • July 13, 2023
  • 0
  • 166 Views

ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව 33ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඩෙංගු රෝගීන් 52021 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේ ය.

ඒ අනුව වැඩි ම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ත්,කොළඹ, කළුතර යන දිස්ත්‍රික්ක වලත් වැඩිවශයෙන් රෝගීන් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර තිබේ.

එසේම පසුගිය වසරට සාපේක්ෂව ළමයින් අතර ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ත්, එබැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස මවුපියන්ගෙන් ඉල්ලා සිටින බව ත් පාසල් යන වයසේ පසුවන සිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ඩෙංගු රෝගීන් ලෙස හඳුනාගෙන ඇති බව ත් සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *