ඩොලර් බිලියන 4.2 ක හිඟ ණය ප්‍රමාණයක් ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව චීනයේ අපනයන-ආනයන බැංකුව සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ කොන්දේසි කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බව මුදල් අමාත්‍යංශය සදහන් කළේය.
මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ “එය ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රධාන පියවරක් වන අතර එය කඩිනම් ආර්ථික ප්‍රකෘතියකට මග පාදනු ඇත” යනුවෙනි.
මෙම ‘සුවිශේෂී ජයග්‍රහණය’ මගින් බැඳුම්කර හිමියන් ඇතුළු නිල ණය හිමියන්ගේ කමිටුව සහ වාණිජ ණය හිමියන් සමඟ ඔවුන්ගේ අඛණ්ඩ සබඳතාවයට ශක්තිමත් කරනු ඇතැයි ද සදහන් කර ඇත.
චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන අතර, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව මේ මොහොතේ චීනයෙන් ලබාගෙන ඇති ණය තොගයෙන් ඩොලර් බිලියන 07කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගතකරණය කරගත යුතුව තිබේ