බොහෝ තරුණ තරුණයින්ට පවතින ගැටළුවක් වන හිස කෙස් හැලී යාම වැලැක්වීම සහ නැවත හිස කෙස් වර්ධනය කළ හැකි ඖෂධීය සංයෝගයක් නිෂ්පාදනය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනය සමත් වී තිබේ.
මෙම සංයෝගය නිර්මාණය කළ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර සමරකෝන් අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළකර තිබේ.
ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ එය 90% ක් ප්‍රතිඵල දායක බව තහවුරු වී ඇති බව ද හෙතෙම පැවසීය.
මීට පෙර පිළිකා සෛලප් නාශක හැකියාවෙන් යුත් ඖෂධයක් නිර්මාණය කරනු ලැබුවේ ද මහාචාර්ය සමීර සමරකෝන් ඇතුළු පර්යේෂණ කණ්ඩායම වීම ද විශේෂත්වයකි.