තරුණියක කෙළසු බව කියන යකැදුරු සිරකුටියේ දී සියදිවි හානී කරගනී

  • By editor
  • November 29, 2023
  • 0
  • 149 Views

අසනීප තත්වයකට ප්‍රතිකාරයක් ලෙස ශාන්තිකර්මයක් සිදුකල යුතු බවට පවසා තරුණියකට ලිංගික අපයෝජනක් සිදුකල බවට චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන සිර මැදිරිය තුල රදවා සිටි සැකකරුවකු සිර කුටිය තුළදී ගෙල වැලලාගෙන මියගොස් තිබේ .

සිය කලිසමේ තිබූ නූලක ආධාරයෙන් සිර කුටියේ දොරෙහි හරහට සවිකර තිබූ යකඩ පටියක එල්ලී මෙම සැකකරු ගෙල වැළලාගෙන මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලීසිය කියා සිටී.

මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම පනාගොඩ රොමියෙල් මාවත පදිංචිකරුවකු වන 54 හැවිරිදි දෙදරු පියෙකු වන වත්තක මුරකරුවකු ලෙස සහ යකදුරෙකු ලෙස රැකියාව කල පුද්ගලයක් බව තොරතුරු හෙලිවී ඇත.

මිය ගිය පුද්ගලයා විසින් ලිංගික අපයෝජනයක් සිදුකල බවට හෝමාගම පනාගොඩ මාදෙනියවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 19 හැවිරිදි තරුණියක විසින් සිදුකළ පැමිණිල්ලක් මත අතුරුගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකකරු අත් අඩංගුවට ගෙන රැගෙනවිත් පොලිස් සිර මැදිරිය තුල රඳවා තබා සිටියදී මෙලෙස සිය දිවි නසාගෙන ඇති බවද පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *