තරු හෝටලයක තරු පේන්න ගත් දෙමටගොඩ චමින්දගෙ දුවගේ කොටහළු මගුල – අධිආරක්ෂිතව බන්ධනාගාරයේ ඉන්න දෙමටගොඩ චමින්දත් ඔන්ලයින් සහභාගී වෙලා 

  • By editor
  • October 30, 2023
  • 0
  • 131 Views

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිටින දෙමටගොඩ චමින්දගේ දියණියගේ වැඩිවියට පැමිණීමේ උත්සවය කොළඹ තරු හෝටලයක පවත්වා ඇති බවට වාර්තා වේ.

ඉකුත් 23 වනදා අති උත්කර්ෂවත් අන්දමින් පැවති මෙම උත්සවය සදහා සුපිරි ගනයේ ආරාධනා පත්‍රද මුද්‍රණය කරවා විශාල පිරිසකට ආරාධනා කර තිබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ඉන් අනතුරුව කොළඹ වෙනත් සුපිරි නිවාස සංකීර්ණයක විශේෂ පිරිසකට වෙනම සාදයක් ද පවත්වා තිබේ. 

මෙහි විශේෂතම කරුණ වන්නේ මෙම උත්සව සියල්ල සදහා අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිටින දෙමටගොඩ චමින්ද ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *