තවත් ඇමතිකම් නෑ – සහය නැත්තම් ආණ්ඩුව විසුරුවා හරිනවා – රනිල් සැර වෙයි

  • By editor
  • October 24, 2023
  • 0
  • 194 Views

ආණ්ඩුව ඉදිරියට කරගෙන යෑමට සහය නොදෙන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමුව තිබෙන බව ආරංචි මාර්ග සදහන් කරයි.

ඇමති තනතුරු ලබා දීමේදී අසාධාරණයක් සිදුවූ බවට නිරන්තරයෙන් කෑ ගසන පොහොට්ටුවේ නායකත්වයට ජනාධිපතිපවරයා මේ බව දැනුම් දී ඇත.

ජනතාව දැඩි අපහසුතාවයෙන් සිටින මේ මොහොතේ ඇමති මණ්ඩලය වැඩිකර නිකරුණේ ජනතා මුදල් තවදුරටත් නාස්ති කිරීමට තමන් කිසි විටෙකත් ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කර ඇති බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *