මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට රාජ්‍ය ආයතන 12ක් පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පවරාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි, නෝර්ත් සී, ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, සිමෙන්ති සංස්ථාව, ගල් ඔය වැවිලි සමාගම ඇතුළු තවත් ආයතන කිහිපයකි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
