ත්‍රිවිද හමුදාවේ සහ පොලීසියේ වාහන අවභාවිතය නතර කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි. එහිදී නිල වාහනයක් හිමි නිලධාරීන්ට එක් වාහනයක් පමණක් ලබාදීමට නිර්දේශ ඇතුළත් වාර්තාවක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය විසින් කැබිනට ්මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
එම වාර්තාව සකස් කර ඇත්තේ එම අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක ප්‍රමුඛ නව පුද්ගල කමිටුවක් මගිනි. එම කමිටුව පෙනේවාදී ඇත්තේ ත්‍රීවිද හමුදා නිලධාරීන් සදහා වාහන හා ඉන්ධන වෙන් කිරීම 1988 වර්ශයේ සිදු කළ අමාත්‍ය මණ්ඩල නිර්දේශයකට අනුව සිදුවන බවයි.
යුද්ධය පැවති වකවානුවේ නිධාරීන්ට මෙවැනි වාහන ලබාදුන්නද වර්තමානයේ එවැනි වාහන විශාල ප්‍රමාණයක් එක් හමුදා නිලධාරීයෙක්ට හෝ පොලිස් නිලධාරියෙක් අවශ්‍ය නොවන බව කමිටුව පෙන්වාදී ඇත.
එම නිසා දැනට නිකුත් කර ඇති සියලු චක්‍රලේඛ අහෝසි කර එක් පොදු චක්‍රලේඛයක් පමණක් නිකුත් කිරීමට තීන්දු කර ඇති.
එහිදී ත්‍රිවිද හමුදා නිලධාරීන් භාවිතා කරනු ලබන පැරණි ප්‍රතිපාදන සහ උපදෙස් මාලාවන් වර්තමානයට ගැලපෙන පරිදි සංශා්ධනය කිරීමටද තීන්දු කර ඇත.