ත්‍රිවිධ හමුදාවට ආණ්ඩුව එපා වෙයි.

  • By editor
  • January 10, 2024
  • 0
  • 98 Views

ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිළධාරීන් අතර ආණ්ඩු විරෝධයක් මතුවෙමින් ඇතිබව වාර්තා වේ. ඊට හේතුව වනුයේ පසුගිය 31 වනදා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේහට තවත් හය මසක සේවා දිගුවක් ලබාදීම සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ හමුදා පතිවරුන්ගේ ධුර කාලය තව දුරටත් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කිරීමය .

ජනාධිපතිවරයාට මේ තීන්දුව සඳහා බලපැම් කර ඇත්තේ ප්‍රබල ලේකම්වරයෙන් වන අතර ඔහු විසින් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත. මෙම ලේකම්වරයාට යුධ හමුදාවෙන් අවශ්‍ය සහයෝගය ලබාදීමට යුධ හමුදාපතිවරයා කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය උඩ නාවික හමුදාපති වරයාට සහ ගුවන් හමුදාපතිවරයාටද අමතර සේවා දිගු ලබාදීමට සිදුව ඇතිබව වාර්තා වේ. එම නිසා හමුදාපති ධූර සඳහා පත්වීමට නියමිතව සිටි ත්‍රිවිධ හමුදා නිළධාරීන් ආණ්ඩු විරෝධයක් මතු කරමින් සිටිනා බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *