තාඹුගලගේ හෙලිකොප්ටරය අතහැර මී ගස් හිටවන්න ගිය පොලිසියේ තිදෙනෙකුට ස්ථාන මාරු.

  • By editor
  • January 10, 2024
  • 0
  • 142 Views

රාජාංගනය යාය 18 ප්‍රදේශයේ සංවිධනය කර තිබූ මී පැල රෝපණ උත්සවයකට සහභාගී වීමට අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල පැමිණි පුද්ගලික සමාගමක් සතු හෙලිකොප්ටරයේ ආරක්ෂාව සඳහා යොදව සිටි රාජාංගණය පොලිසියේ නිළධාරීන් තිදෙනා‍ට වහාම වහාම වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇත. 

මේ පිළිබඳව කළ විමසීමකදී අනාවරණය වූයේ මෙම නිළධාරීන් තිදෙනා තම රාජකාරිය පැහැර හැර මී පැල සිටවීමට යාම නිසා මෙලෙස ස්ථාන මාරු කර ඇති බවය. උත්සවයේ සංවිධායකයන් විසින් හෙලිකොප්ටර් යානයකට ආරක්ෂාව සැපයීම සදහා  යොදවා සිටි  රාජාංගනය පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ටද  මී පැල රෝපණය කිරීමට ආරාධනා කර ඇත. නිළධා‍රීන් ඒ සඳහා සහභාගීවන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයා වීමත් සමගම උතුරු මැද පළාත පළාතේ ජ්‍යේෂ්ට පොලිස් නිළධාරියෙක් අනුරාධපුර කොට්ඨාශ  භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත  පුෂ්පකුමාරට නියෝග කර තිබේ. ඒ අනුව මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක කර ඇතිබව වාර්තා වේ.

මෙලෙස ස්ථාන මාරු කර ඇත්තේ රාජාංගනය පොලිසියේ රථ වාහන අංශයේ  ස්ථානාධිපති  විජේතිලක (41316), ලලිත්  (7347)  සහ රාජකරුණා (35052)  යන සැරයන් වරුන් තිදෙනාය. ඔවුන් තිදෙනා ස්ථාන මාරු කර ඇත්තේ විලච්චිය , එප්පාවල  සහ තලාව  පොලිස් ස්ථාන වෙතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *