තායිවාන ජනාධිපතිගෙන් චීනයට කනේ පාරක්

  • By editor
  • March 31, 2023
  • 0
  • 64 Views

තායිවාන ජනාධිපතිනි සායි ඉන් වෙන් චීනයේ දැඩි විරෝධය මත සිය අමෙරිකානු සංචාරය ආරම්භ කරමින් නිව්යෝර්ක් නුවරට ගොස් තිබේ.

මෙම සංචාරය පිලිබද අදහස් දක්වමින් චීනය සදහන් කර ඇත්තේ මෙය දෙරටටම අයහපත් ප්‍රතිඵල ගෙනදෙන්නක් වනු ඇති බවය. එමෙන්ම චීනයේ දැඩි විරෝධය මධ්‍යයේ තායිවාන ජනාධිපතිනි, අමෙරිකානු කථානායක හමු වුවහොත් බරපතල ගැටුමකට මුල පුරනු ඇති බව ද වැඩිදුරටත් සදහන් කර තිබේ.

මේ පිලිබද අදහස් දක්වමින් අමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ තායිවාන ජනාධිපතිනිය සංචාරය අතරතුරේ දී එරට කථානායක හමුවීමට නියමිත බවත් මේ පිලිබද චීනය අනවශ්‍ය ලෙස ක්‍රියා නොකල යුතු බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *