මේ වනවිට කාගේත් කතාබහට ලක්වන ශ්‍රී දළදා මාලිගාවට අයත් තායි රාජා හෙවත් විජේරාජ ඇතු නැවත තායිලන්තයට ගෙන යෑමට තැත් කළහොත් තමන් නීතිය ඉදිරියට යන බව දළදා මාළිගාවේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා පවසයි.
ඒ ඇතු මෙතෙක් නඩත්තු කිරීමට වැය වූ මුදල වන්දියක් ලෙස ඉල්ලා නඩුවක් ගොනු කිරීමෙන් බව ද හෙතෙම පැවසිය.
මීට දින කිහිපයකට පෙර තායිලන්තයේ පරිසර ඇමැතිවරයාගේ නැගණිය ශ්‍රී දළදා මාලිගාවට පැමිණ තායි රාජා ඇතු පිළිබඳව විමසන අවස්ථාවේ ඇතා මාලිගා පරිශ්‍රයේ නොසිටීම හේතුවෙන් මෙම ප්‍රශ්නය පැන නැගී තිබිණි.
ඇතු මාලිගාවේ නොසිටීමට හේතුව වුයේ මද කිපීම හේතුවෙන් සුදුහුම්පොළ රාජමහා විහාරයේ නිදහස් පරිසරයක තැබීමට කටයුතු කිරීම බව ද ඔහු පැවසිය.
විවිධ පුද්ගලයින් වැරදි ප්‍රකාශ පතුරුවා පෙර සිද්ධියට සම්බන්ධ කරමින් තායි රාජා ඇතු තායිලන්තයට ගෙන යෑමට උත්සාහ කළහොත් ශ්‍රී ලංකාවාසීන් ලෙස ජනතාව ඊට එරෙහිව නැගී සිටිය යුතු යැයි ද හෙතෙම කියා සිටියේය.