තැන තැන මියයන පුත්තලම් කපුටෝ

  • By editor
  • June 8, 2023
  • 0
  • 219 Views

පුත්තලම නගරයේ කපුටන් රැසක් හිටිහැටියේම මියයමින් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

මේ වනවිටත් පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් මෙලෙස කපුටන් මියයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පුත්තලම නගරයේ වාන පාර වැව ආසන්නයේ කපුටන් ඊයේ සිට මෙලෙස මියයමින් සිටී.

කෙසේ වෙතත් මියගොස් ඇති කපුටන්ගේ ශරීර කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකර වාර්තාවක් ලබාගැනීමටත් පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *