ප්‍රකෝටිපති ව්‍යාපාරික තිරු නඩේසන් විසින් පවත්වන දේව පූජාවකට ඉන්දියාවෙන් ගෙන්වූ රෝස මල් පෙට්ටි විස්සක් රේගු භාරයට ගෙන තිබේ.
මෙම රෝසමල් පෙට්ටිවල කෘමි සතුන් සිටින බවට රේගුව විසින් අනාවරණය කරගෙන ඇති අතර ඒ නිසා රෝස මල් තොගය නිදහස් කළ නොහැකි බව එහි ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් දැනුම්දී තිබේ.
බදාදා (09) රාත්‍රියේ පැවැත්වෙන දේව පූජාවක් සදහා ගෙන්වු මෙම රෝස මල් තොගය එම ඒකකයේ ලක්ව ඇත්තේ බදාදා සවසය. රේගු පරීක්ෂාවේදී කෘමීන් එම රෝසමල් තොගය සමග සිටින නිසා එය නිදහස් කළ නොහැකි බව දැනුම්දී ඇත.
තමන් සුදානම් කළ දේව පූජාවට අදාල රෝස මල් තොගය ලබාගැනීමට අවශ්‍ය නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙක් හරහා රේගුවේ ඉහළ නිලධාරීන්ට බලපෑම් කර ඇත්තේ මෙම රෝස මල් තොගය නිදහස් කරන ලෙසයට.
කෙසේ නමුත් රේගු නිලධාරීන් එම රෝසමල් තොගය නිදහස් කර නොමැති බවද වැඩිදුරටත් අනාවරණය වේ.