තෙල් නායකයින්ගේ මහින්ද වන්දනාව

  • By editor
  • April 1, 2023
  • 0
  • 83 Views

පසුගිය දිනවල ඛනිජ තෙල් සංස්ථාවේ පැවති අර්බුදකාරී තත්වයට අදාලව අනිවාර්ය නිවාඩු යවා සිටින පුද්ගලයින් වෙනුවෙන් මැදිහත් වෙන්නැයි වෘත්තීය සමිති නායකයින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබේ.

අද පෙරවරුවේ විජේරාම නිල නිවසේ දී පැවති හමුවක දී මෙම අදහස් පල කර තිබුණි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා කළ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් සිව්දෙනෙකු ඇතුළු 20 දෙනෙකු පසුගිය 29 වනදා සිට අනිවාර්ය නිවාඩු යවමින් එම පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීමට එම පාලනාධිකාරිය කටයුතු කර තිබුණි.

වෘත්තීය සමිති නායකයින්ට අමතරව සේවකයින් කිහිපදෙනෙකු ද අනිවාර්ය නිවාඩු යැවු පිරිසට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට ඔවුන්ගේ මූලික අරමුණ වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *