තෙල් සංස්ථාවෙන් රවීන්ද්‍ර කැපේ – නව තනතුර ගෝඨාගේ ගෝලයෙකුට

  • By editor
  • July 27, 2023
  • 0
  • 96 Views

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව කළමනාකාර අධ්‍යක්ෂක ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ කාර්ය බලකායේ මේජර් ජෙනරාල් දර්ශන රත්නායක පත් කර තිබේ.

එම සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂක ලෙස සේවය කළ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන පාකිස්තාන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව ඔහු අද දින සේවයෙන් ඉල්ලා අස්වුණි.

ඒ හේතුවෙන් මේජර් ජෙනරාල් දර්ශන රත්නායක එම තනතුර සදහා අමාත්‍ය කංචන විජේසේකරගේ නිර්දේශය මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලදී.

කෙසෙවෙතත් දර්ශන රත්නායක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයා ලෙස සේවය කර තිබුණි. එමෙන්ම ගෝඨාභය මහතා අරගල සමයේ මෙරටින් පිටවූ මොහොතේ ද ඔහුගේ ආරක්ෂාව භාරව කටයුතු කර ඇත්තේ මොහු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *