තෙල් සංස්ථාවේ පාඩුව අයකරගන්න – ඇමති කංචන පොලීසි යයි

  • By editor
  • March 31, 2023
  • 0
  • 170 Views

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කොලොන්නාව නිමාවට බලෙන් ඇතුළු වී ඉන්ධන බෙදහැරීමේ කටයුතු අඩාල කරමින් කලහකාරී ලෙස හැසිරුණු පිරිස සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිසි විමර්ශනයක් සිදු කරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

එම කලහකාරී පුද්ගලයින්ගේ නොමනා හැසිරීම හේතුවෙන් සංස්ථාවට සිදු වූ අලාභය සම්බන්ධයෙන් ද කරුණු දක්වා ඇති අමාත්‍යවරයා එම පුද්ගලයින් කවුරුන්ද යන්න මේ වනවිට හදුනාගෙන ඇති බව ද පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් වැඩි දුරටත් සදහන් කර ඇත.


එමෙන්ම එදින ආයතනයට හා බෙදුම්කරුවන්ට සිදු වූ අලාභය ගණනය කර එම පිරිසගෙන් අය කරගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගනිමින් පවතින බව ද එම ලිපියේ සදහන් ය.


තව ද මෙවැනි සිදුවීම් ඉදිරියට ත් සිදුවීමට අවකාශය ඇති බැවින් නැවත මෙම පිරිස් හා සේවයට අදාල නොවන පිරිස් අධිආරක්ෂිත සේවා කලාප වලට බලෙන් ඇතුළු වීම වැළැක්වීමට අවශ්‍ය අධිකරණ නියෝග ලබාගැනීමට මැදිහත් වන ලෙස ද අමාත්‍යවරයා පොලිස්පතිගෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *