දක්ෂිණ අධිවේගීයේ බස්රථයක් ගිනිගනී

  • By editor
  • January 15, 2024
  • 0
  • 67 Views

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බෙලිඅත්ත අන්තර් හුවමාරු අසලදී සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන විනාශ වී තිබේ.

රථය ගිනිගැනීමත් සමග එහි සිටි මගීන් සියලුදෙනා ඉන් පිටවී ඇති අතර ගින්න හේතුවෙන් ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇත.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස ගිනිගෙන ඇති බවටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *