දකුණේ හා බස්නාහිර කුළී මිනීමරුවන්ගේ රැගිලි ඉවරයි – වැඩ කරන්න බැරි පොලිස් නිලධාරීන්ටත් රතු එළි

  • By editor
  • June 22, 2023
  • 0
  • 211 Views

බස්නාහිර පළාත සහ දකුණු පළාත තුල සිදුවන මිනීමැරුම් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස් ප්‍රධානීන්ට නියෝගකර ඇත.

පොලිස් ප්‍රධානින් සමග ඊයේ පැවති සාකච්ජාවේ දී ඔහු එම නියෝගය ලබාදී ඇත,

මිනීමරුවන් සම්බන්ධයෙන් නිතිය තදින් ක්‍රියාකරන ලෙස එහිදී පොලිස්පතිවරයාට නියෝගකර ඇති අමාත්‍යවරයා, එවැනි මෙහෙයුම්වලදී අනිසි බලපෑම් සිදුකිරීමට කිසිවකුට හෝ ඉඩ නොතබන බව අවධාරණය කර ඇත්තේ, ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලැබී ඇතැයි ද පවසමිනි.

එම සාකච්ජාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති ඩී.සී.වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී මැදවත්ත, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සහභාගී වී තිබිණ.

බලපත්‍රයක් නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවි පොලිසියට  බාර ගැනීම සඳහා ජුලි 31 දිනය දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශකරන ලෙස දැනුම්දී ඇති අමාත්‍යවරයා, ගිනි අවි බාරදීමේ පොදු සමා කාලය අවසන් වීමත් සමඟ පොලිසිය අනෙකුත් බුද්ධි අංශ සමඟ නීති විරෝධී ගිනි අවි වැටලීම ආරම්භ කරන්නැයි දැනුම්දී ඇත.

දකුණු පළාතේ හා බස්නාහිර පළාතේ මිනීමැරුම් හා අපරාධ වැඩිවීමට විශේෂයෙන්ම බලපා ඇත්තේ එම පළාත් දෙකෙහි සේවයකරන ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකර්ශක්ෂමතාවය බව පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දී ඇති අතර එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ එවැනි නිලධාරීන් වහාම ඉවත්කර සුදුසු නිලධාරීන් පත්කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *