දඩ කොළ ගෙදරටම දෙන එකට බස් ගැමුණු විරුද්ධයි

  • By editor
  • January 22, 2024
  • 0
  • 124 Views

රථ වාහන වැරදි කරන රියදුරන්ට නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

සීසීටීවී කැමරා ඔස්සේ රථ වාහන වැරදි හඳුනාගෙන එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔහු මෙම අදහස් පළකර තිබේ.

බස් රථ නියාමනය කරන්නේනම් අනිවාර්යෙන්ම බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විජේරත්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *