දත්ත සොරකමට සම්බන්ධ චූදිතයන් ඖෂධ අධිකාරියේ ඉහළ පුටු වලට

  • By editor
  • October 29, 2023
  • 0
  • 248 Views

ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ දත්ත හොරකමට අදාල චූදිත පිරිස නැවත වතාවක් එම අධිකාරියේ ඉහළ තනතුරු සදහා පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරමින් පවතින බව ට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි. 

ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මෙම තොරතුරු හෙළි කළේය.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ වසර දෙකක් ගත වූවත් එම දත්ත සොරකමට සම්බන්ධ බව කියන වෛද්‍යවරයාගේ පරිඝණකයට අදාල රසපරීක්ෂණ වාර්ථාව මේ වන්විටත් ලැබී නොමැති බවය.

එසේම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අතට හසුවූ පළමු හොරකම ඉමියුනෝග්ලොබියුලින් හොරකම නොවන බවත් එම හොරකමට පිළිතුරු ලබාදෙන පිරිසම දත්ත හොරකමට අදාලවත් උත්තර දිය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය බේරා ගන්න සිදුකළ  අරගලය කුමණත්‍රණයකට හසුව තිබෙන බැවින් ඒ හොරු වෙනුවට මේ හොරු පත් කරලා විසඳුම් සොයාගත නොහැකි බවත් කුමුදේශ් මහතා සදහන් කළේය.

වැඩිදුරටත් රවී කුමුදේශ් මහතා සදහන් කළේ 

අපේ රටේ අපරාධ පරීක්ෂණ පටන් ගන්නකොට චූදිතයින් එලියට ගිහිල්ලා, අළුත් වටයකින් හැව අරලා නැවත පත් වෙනවා, ඉමියුනෝග්ලොබියුලින් හොරකමට අදාල සමාගම තවම නිදැල්ලේ. හෙට අනිද්දා ඔහු රට පැන්නා කියලා අපිට කියන්න හදන්න එපා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්න සිදු වුණොත්, මේ අපරධ වලට ඔවුණුත් වග කියන්න ඕනේ බව අමතක කරන්න හොඳ නෑ. සෞඛ්‍ය පාළණයේ අර්බුධය සායනික විශේෂඥතාවය පමණක් සැලකිල්ලට අරගෙන, කළමනාකරණය  තීන්දු ගැනීමයි, දක්ෂ කළමණකරුවන්ට තීරණ ගැනීමේ ක්‍රියාවලියට එන්න දෙන්නේ නෑ. ඖෂධ, උපකරණ,  ප්‍රතික්‍රීයක සමග සෘජුවම වැඩ කරන කිසිදු වෘත්තීකයෙක් තීරණ ගැනීමට අදාලව කිසිදු සම්භන්ධයක්  නෑ. ඒ නිසාම කළමනාකරණය ගුණාත්මකව පිරිහිලා. තීරණ ගැනීම සාම්ප්‍රදායික වෙලා. යෙදවුම්වල සපලදායක බව නැති වෙලා දූෂණය වංචා සහ නාස්ති කිරීම් පාළණය කරන්න බැරි තරමට ඉහලට ගිහිල්ලා. ඉහල කළමනාකරණ තනතුරුවලට නැවත නැවත සායනික විශේෂඥයින් පත් කිරීමෙන් මේ තත්වය වැඩි වෙනවා. ඇමතිවරයා වෛද්‍ය වරයෙක් වුණාම, අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය වුණාම ප්‍රශ්ණ විසඳෙනවා කියලා හිතෙන එක බරපතල මුග්ධ කමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *