දත්ත සොරකමට සැක විශේෂඥ වෛද්‍යවරයාට ඇමති රමේෂ්ගෙන් ලොකු පුටුවක් – නව සභාපතිට විවේචනාත්මක සහයෝගයක් පමණක් දෙන බව රවී කුමුදේශ් කියයි

  • By editor
  • October 31, 2023
  • 0
  • 74 Views

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර තිබේ.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් එම පත්කිරීම අද (31) සිදුකර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමග අමාත්‍යවරයා පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී මෙම පත්වීම ප්‍රදානය කර තිබේ.

කෙසෙවෙතත් මෙම පත්කිරීම ඊයේ දිනයේ සිදුකිරීමට සැලසුම් කර තිබුණත් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ විසින් එය නතර කර තිබුණි.

මෙම සභාපතිවරයා එම අධිකාරීයේ දත්ත සොරකමක් සම්බන්ධයෙන් චූදිතයෙක් වන බවට පවසමින් මෙවැනි පුද්ගලයන් සදහා ඉහළ තනතුරු ප්‍රධානය ඇතැම් සෞඛ්‍ය වෘත්තිකයින් හෙළා දකිමින් මාධ්‍ය හමුද පවත්වා තිබුණි.

කෙසෙවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සදහන් කළේ NMRA පනත ගැන තද අධික විශ්වාසයක් තියන ආනන්ද විජේව්ක්‍රමට දියහැකිවන්නේ විවේචනාත්මක සහයෝගයක් පමණක් බවය.

ඖෂධ ඒකාධිකාරයක් හැදීම, තනි පුද්ගල මතයට අනූව තීරණ ගැනීමට හැකිවීම වැනි අධිකාරී පනතේ ඇති දුර්වලතා හේතුවෙන් සෞඛ්‍ය සේවාවේ ඇතිවූ සියළු ගැටළු වලට පනත සහ එදා මෙදා එහි සිටි පාළකයින් වගකිව යුතු බවත් වෛද්‍ය ආනන්ද විජේව්ක්‍රම මහතාටත් එයින් ගැලවීමේ හැකියාවක් නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් රවී කුමුදේශ් මහතා සදහන් කළේ

” විශේෂයෙන්ම රසායානාගාර උපකරණ, විකිරණ විද්‍යා උපකරණ ඇතුළු උපකරණ මිලදී ගැනීමේදී සහ රසායනාගාර ප්‍රතික්‍රීයක ඇතුළු රසායන ද්‍රව්‍ය මිලදී ගැනීමේදී, අදාල පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සම්පූර්ණයෙන්ම ඉවත දමමින් තීරණ ගැනීම සඳහා පනතේ විධිවිධාන සකසා තිබීම පිළිබඳව පනත නිර්මාණය කල විජේව්ක්‍රම මහතා ඇතුළු කණ්ඩායම සෘජුව වග කිවයුතුයි.

එසේම, නියාමන අධිකාරියට පාළණය කිරීම සදහා දියුණු ක්‍රමවේද වෙත අවතීර්ණ වීමට, නියාමන විද්‍යාව, ප්‍රසම්පාදන විද්‍යාව, කළමනාකරණ විද්‍යාව ප්‍රගුණ කල අය අධිකාරියේ ප්‍රධාන නිල වලට පත් විය යුතුයි. එය සායනික විශේෂඥතාවයෙන් පමණක් විසඳීමේ හැකියාවක් නෑ.

ඒ නිසාම, සෞඛ්‍ය සේවාවේ තනතුරු වල වෙනසක් සිදු විම අත්‍යවශ්‍ය වුවද, සැබෑ ගැටලුව හඳුනා ගනිමි ඊට විසදුම් සෙවිය හැකි අය පත් කිරීම වෙණුවට, කුමක් හෝ වෙනසක්, දන්න අඳුනන අයට අවස්ථාව ලබා දීමක් සිදු වුවහොත්, සෞඛ්‍ය සේවාව නැවත විශාල අර්බුධයකට පත් වීම වලක්වන්න බෑ.

මෙම දුර්වලතා පිළිබඳව නව සභාපතිවරයා ගනු ලබන ඉක්මන් ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඉතා සුපරීක්ෂාවෙන් බලා සිටිනවා
හොර ඉමුයුනෝග්ලොබියුලින් ගෙන්වූ සමාගමේ හිමි කරු සොයා ගැනීමට නොහැකි වුවහොත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත් ඊට වග කිවයුතුයි

හොර ඉමියුනෝග්ලොබියුලින් රෝගී ශරීර වලට ඇතුලු කිරීම දක්වා සිදුවූ සම්පූර්ණ වංචාව සිදු කර ඇත්තේ, අවම තරමින් හොර WoR ලිපියේ ඔරිජිනල් පිටපතක් පවා නොමැතිව බව හොර WoR ලිපියේ ඔරිජිනල් පිටපත සොයා ගැනීමට නොහැකිවීම මගින් තහවුරු වෙනවා.” ලෙසටය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *