දත් දොස්තරලා නැතිව දික් ඔය මූලික රෝහලේ දන්ත ශල්‍යාගාරය වසා දැමේ

  • By editor
  • August 7, 2023
  • 0
  • 106 Views

හැටන් දික්ඔය මුලික රෝහලේ දන්ත ශල්‍යාගාරය වෛද්‍යවරයෙකු නොමැති විම හමුවේ සිව් මසක් තිස්සේ වසා දමා තිබිම හේතුවෙන් දන්ත රෝගින් දැඩි පිඩාවට පත් වි ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මොහොමඩ් ෆාරුක් ෆස්ලි පැවසිය.

මෙය නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන රෝහලක් වන අතර හැටන් ප්‍රදේශයේ තිබෙන ප්‍රධානතම රෝහල දික්ඔය මුලික රෝහල වේ.

මෙම රෝහලින් ප්‍රදේශයේ ලක්ෂ හතරක් පමණ වු රෝගි පිරිසකට සේවය සපයන බව රෝහල් අධ්‍යක්ෂකවරයා කළේය.

මෙම දන්ත ශල්‍යාගාරයේ සේවය කල වෛද්‍යවරුන් දෙදෙනෙකු සිව්මසකට ප්‍රථම විදේශ ගත වි ඇති බවත්, ඉන් අනතුරුව රෝහලට තාවකාලිකව අනුයුක්ත කර සිටි වෛද්‍යවරිය දරු ප්‍රසුතිය සදහා නිවාඩු ලබාගෙන ඇති නිසා මෙම ඒකකය සිව් මසක් තිස්සේ තාවකාලිකව වසා දමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *